Monday, October 10, 2022

වලාකුළු පරිගණකකරණය - Cloud Computing




හැදින්වීම

වලාකුළු පරිගණකකරණය යනු අන්තර්ජාලය හරහා සත්කාරක සේවා සැපයීම සම්බන්ධ ඕනෑම දෙයකට පොදු යෙදුමකි. මෙම සේවාවන් ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදා දැක්විය හැකිය. ඒ යටිතල පහසුකම් සේවාවක් ලෙස, පලැට්ෆොම් සේවාවක් ලෙස සහ මෘදුකාංග සේවාවක් ලෙසය. වලාකුළු පරිගණකකරණය ආකාර කිහිපයක් දැකගත හැකිය. එනම්,

පෞද්ගලික, පොදු සහ ඉහත ආකාර ද්විත්වයේම එකතුවෙන් සැදුම් ලත් දෙමුහුන් ආකාරයක් ලෙස දැකගත හැකිය. පොදු වලාකුලක් යනු අන්තර්ජාලයේ ඕනෑම කෙනෙකුට සේවා විකුණනු ලබන අතර පුද්ගලික වලාකුලක් යනු නිශ්චිත සහ අවසරය සහිත සීමිත පිරිසකට සත්කාරක සේවා සපයන හිමිකම් ජාලයක් හෝ මධ්‍යස්ථානයකි. වලාකුළු පරිගණක ආකෘතියක් නිසිලෙස ක්‍රියාත්මක වීම උදෙසා ඊට අවශ්‍ය දෘඩාංග සහ මාදුකාංග භාවිතාකරනු ලබයි. වලාකුළු පරිගණක යන නාමය බොහෝ විට භාවිතා කොට ඇත්තේ මෙය වලාකුලක් ආකාරයට ක්‍රියාකරන ජාල පද්ධතියක් හෙයිනි. වලාකුළු පරිගණක සඳහා නිදසුන් ලෙස ගුගල් ඩොක්, මයික්‍රොසොෆ්ට් ඔෆ්ස් 365 ආදිය දැක්විය හැකිය. පරිශිලකයාට ඕනෑම උපාංගයක් භාවිතයෙන් ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක වලාකුළු පරිගණක භාවිතා කිරිමට පහසු වීම ඔවුන්ට වඩාත් ලාභදායි හා පහසු වේ.

මිට අමතරව ඊ-මේල්, දිනදර්ශන, ස්කප්, වස්අප් පරිශිලකයන්ට දුරස්තව දත්ත වෙත ප්‍රෙව්ශය ලබාදෙන වලාකුළු පරිගණක නැතහොත් වලාකුළු මත පදනම් වු යෙදුම් කිහිපයකි. මේ හරහා පරිශිලකයන්ට තමන්ට අවශ්‍ය වේලාවක ඕනෑම තැනක සිට සිය පෞද්ගලික තොරතුරු වෙත ප්‍රෙව්ශ විය හැකිය. වර්ථමානයේ වඩාත් ප්‍රචලිත සූම් යෙදුමද විඩියෝ සහ ශ්‍රව්‍ය සම්මන්ත්‍රණ සඳහා වළාකුළු මත පදනම් වු මෘදුකාංගයකි. මේ තුලින් සූම් සම්මන්ත්‍රණ පටිගතකර ඒවා වලාකුළු වල ගබඩාකල හැකිය. මේ අනුව වලාකුළු පරිගණක සංකල්පය දුරස්ථ ප්‍රෙව්ශය සහිත පරිශිලකයන්ට පෞද්ගලික සහ පොදු ප්‍රෙව්ශයක් සහිත හෝ මේ දේයාකාරයේම දෙමුහුන් ප්‍රෙව්ශයක් සහිත නවින ලෝකයේ භාවිතාවන තාක්ෂණික පද්ධතියක් ලෙස දැක්විය හැකිය. 

වලාකුළු පරිගණක වලට ඒවාටම ආවේණික ලක්ෂණ 

1. ස්යං සේවා සැපයීම

2. භාවිතය උදෙසා ගෙවිමක් කිරීම

3. විශාල වශයෙන් දත්ත ගබඩාකිරීමට ඔරොත්තු දීමේ හැකියාව

4. නම්‍යශීලිභාවය

5. පුළුල්ජාල ප්‍රෙව්ශය

සාම්ප්‍රදියික පරිගණක පද්ධතියක් මෙන් නොව පරිශිලකයන්ට ඔවුන්ගේ ඉල්ලුම පරිදි සේවාව සැපයීමට හැකියාවක් මීට ඇත. ඕනෑම ආකාරයකින් දාරිතාවයක් දැරිමේ හැකියාවක් මීට ඇත. ඇතැම් අවස්ථාවල පරිශිලකයන්ට වලාකුළු පඳහා ගෙවිම් සිදුකිරීමට සිදු වේ. පරිශිලකයන් වලාකුළු හි භාවිතා කරනු ලබන ධාරිතාව අනුව සෙවිමට සිදුවේ.

පරිශිලකයන්ට සිය වැදගත් මුලාශ්‍රයන් මෙහි ගබඩා කිරිමට හැකි අතර ඒ සඳහා එනම් විශාල ප්‍රමාණයෙන් දත්ත ගබඩා කිරීමට ඔරොත්තු දෙන පද්ධතියක් ලෙස වලාකුළු පරිගණක දැක්විය හැකිය. පිරිවැය ඉතිරි කිරිම සඳහා හෝ නව සේවාවන් ඉස්මතු වන විට ආයතන වලට වලාකුළු පහසුවෙන් යොමුවිය හැකිය. වලාකුළු පරිගණක සඳහා පුළුල් ප්‍රෙව්ශයක් දැකගත හැකිය. පරිශිලකයන්ට අන්තර්ජාල සම්බන්ධතාවයක් සහ ඕනෑම උපාංගයක් භාවිතා කරමින් ඕනෑම තැනක සිට වලාකුළු දත්ත වෙත පිවිසීමට හෝ වලාකුළු දත්ත උඩුගත කළ හැතිය. 

වලාකුළු පරිගණක කරණයේ ප්‍රධාන වාසි 

- පිරිවැය ඉතිරි කිරීම

- සංචලතාව

- ආපදා ප්‍රතිසාධනය

වලාකුළු පරිගණක භාවිතයේ ප්‍රධානතම වාසියක වන්නේ උපකරණ මිලදි ගැනීමට සහ නඩත්තු කිරිම උදෙසා ආයතන වලට විශාල මුදලක් වැය කිරිමට අවශ්‍යය නොවන බැවින් මෙය තරමක් ලාභදායි ක්‍රමවේදයකි. මේ තුලින් ආයතනවල ප්‍රාග්ධන වියදම් පිරිවැය අඩුකරන අතර ඔවුන්ගේ වර්ධනය වන ව්‍යාපාර සඳහා පහසුකම් සැපයීම සඳහා දෘඩාංග, හෝ විශාල දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීමට අවශ්‍යය නොවීම, වලාකුළු දත්ත මධ්‍යස්ථාන මෙහෙය විමට අයතන වලට විශාල තොරතුරු තාක්ෂණ කණ්ඩායම් අවශ්‍යය නොවේ. මන්ද වලාකුළු සැපයම් කරුවන්ගේ කණ්ඩායම්වල විශේෂඥ භාවය මත විශ්වාසය තැබිය හැකි බැවිනි. මීට අමතරව වලාකුළු පරිගණකයක් අක්‍රිය වීි පවතින කාලය අඩුය. එමෙන්ම එය යතා තත්වයට පත් කිරීමට ගතවන කාලය වේගවත්ය. ඒ සඳහා සමාගම්වලට කාලය හා මුදල් වැය කිරීමට සිදු නොවේ. මේ අනුව වලාකුව පරිගණකයන් විසින් පිරිවැය ඉතිරි කරගන්නා ආකාරය දැකගත හැකිය. 

වලාකුලක තොරතුරු ගබඩා කිරීම යන්නෙන් අදහස් කරන්නේ අන්තර්ජාල සම්බන්ධතාවයක් ඇති ඕනෑම උපාංගයකින් ඕනෑම තැනක සිට පරිශිලකයන්ට එයට ප්‍රෙව්ශ කළ හැකි බැවිනි. එනම් පරිශිලකයන්ට ඔවුන්ගේ දත්ත වලට ප්‍රෙව්ශ විම සඳහා යුඑස්බී ධාවක, බාහිර හාර්ඩ් ඩිස්ක් හෝ ඩිවිඩි තැටි රැගෙන යා යුතු නොවේ. පරිශිලකයන්ට ස්මාර්ට් දුරකථන සහ වෙනත් ජංගම උපාංග හරහා ආයතනික දත්ත වෙත පිවිසිය හැකි අතර දුරස්ථ සේවකයින්ට, සම සේවකයින්ට හා ගනුදෙනුකරුවන් සමඟ යාවත් කාලීන වීමට මේ මගින් හැකිය. එමෙන්ම මේ තුලින් අවසාන වලාකුළු පරිශිලකයාටත් පහසුවෙන් සම්පත් සැකසීමට, ගබඩා කිරීමට, ලබා ගැනීමට, සහ නැවත ලබාගත හැකිය. ඊට අමතරව වලාකුළු වෙළෙන්දන් සියළුම වැඩිදියුණු කිරිම් සහ යාවත්කාලීන කිරිම් ස්යංක්‍රීයව සපයන අතර කාලය හා ශ්‍රමය ඉතිරි වේ.

වලාකුළු පරිගණකයන් හි ඇති සුවිශේෂිතම ලක්ෂණය වන්නේ දත්ත නැතිවිම නැතහොත් දත්ත වලට හානිවීම නිසා ආයතනවලට සිදුවෙන පාඩුව මග හරවා ගත හැකි හොදම විකල්පය විමයි. 

නිදසුනක් ලෙස ලැප්ටොප් පරිගණකයක් හෝ ස්මාර්ට් දුරකථනයක් ක්‍රියා විරහිත වු අවස්ථාවක වුවද වලාකුල හරහා දත්ත වේත ප්‍රෙව්ශ විය හැකි පහසුකම පවති. ස්වභාවික විපත්, විදුලිය විසන්ධිවිම් වැනි හදිසි අවස්ථාවන් වලදි ආයතන වලට වලාකුළු හරහා ඔවුන්ගේ දත්ත වේත ප්‍රෙව්ශ විමේ හැකියාව ලබා දී ඇත. මේ අනුව කිසිදු ආකාරයකින් දත්ත වේත ප්‍රෙව්ශ විමේ හැකියාව ලබා දී ඇත. මේ අනුව කිසිදු ආකාරයකින් දත්ත හානි විමකින් , කිසිදු පාඩුවක් වලාකුළු භාවිතා කරන්නන්ට සිදු නොවේ. 

වලාකුළු පරිගණක භාවිතයේ අභියෝග

වලාකුළු පරිගණක මත සේවා සැපයීම  තොරතුරු තාක්ෂණ ක්ෂෙත්‍රය උඩුයටිකුරු ඇති නමුදු මෙම සේවාවන් භාවිතයේදි තොරතුරු තාක්ෂණික වෘර්තිකයන්ට විවිධ ගැටළු සහ අභියෝග වලට මුහුණ දීමට සිදු වේ.

වලාකුළු ආරක්ෂාව

ආරක්ෂාව බොහෝ විට වලාකුළු පරිගණකකරණය මුහුණ දෙන විශාලතම අභියෝගය ලෙස සැලකේ. වලාකුළු විශ්වාසය තැබිමටනම් ආයතන දත්ත උල්ලංගනය කිරීම්, hacking of APIs and interface, සම්මුති විරහිත අක්තපත්‍ර (credentials) සහ සත්‍යාපන ගැටළු හේතුවෙන් වලාකුල අවදානමට ලක් වේ. තවද, වලාකුළු සැපයුම්කරු වෙත භාර දී ඇති සංවේදී තොරතුරු හැසිරවිය යුත්තේ කෙසේද සහ කොතැනද යන්න පිළිබඳ විනිවිදභාවයක් නොමැත.

පිරිවැය කළමනාකරණය  

වලාකුළු භාවිතය සඳහා ගෙවීම් දායකත්ව සැලසුම් (pay-as-you-go subscription plans), උච්චාවචනය වන වැඩ බර සමඟ, අවසාන පිරිවැය නිර්වචනය කිරීම සහ පුරෝකථනය කිරීම දුෂ්කර කරයි.

සම්පත් හා විශේෂඥතාවයන් නොමැතිකම 

වලාකුළු ආධාරක තාක්‍ෂණයන් වේගයෙන් ඉදිරියට යමින් තිබියදී, නිසි නිපුණතා කට්ටල සහ දැනුම සහිත මෙවලම් සහ සේවකයින් සඳහා වැඩිවෙමින් පවතින ඉල්ලුම සපුරාලීමට සංවිධාන අරගල කරයි.

තොරතුරු තාක්‍ෂණ පාලනය 

යටිතල පහසුකම් මෙහෙයුම් සැපයීම, ප්‍රතිපාදන සැපයීම සහ කළමනාකරණය කිරීම පිළිබඳ පාලනයක් නොමැති බැවින් වලාකුළු පරිගණකකරණය තොරතුරු තාක්ෂණ පාලනය දුෂ්කර කරයි.  අවදානම්, තොරතුරු තාක්‍ෂණ අනුකූලතාව සහ දත්තවල ගුණාත්මකභාවය නිසි ලෙස කළමනාකරණය කිරීම මෙය අභියෝගයක් විය හැකිය.

කර්මාන්ත නීතිවලට අනුකූල වීම 

පරිශ්‍රයේ ඇති දේශීය ගබඩාවෙන් දත්ත වලාකුළු ගබඩා වෙත මාරු කිරීමේදී, තෙවන පාර්ශවයක් හරහා කර්මාන්ත රෙගුලාසිවලට අනුකූල වීම කළමනාකරණය කිරීම දුෂ්කර විය හැකිය.

බහු වලාකුළු කළමනාකරණය 

බහු වලාකුළු යෙදවීම මඟින් වඩාත් සාමාන්‍ය වලාකුළු පරිගණක අභියෝගයන්ට මුහුණ දීමේ උත්සාහයන් වලක්වනු ඇත.

කාර්ය සාධනය 

බොහෝ දුරට සැපයුම්කරුවෙකු සමඟ වලාකුළු සේවා ගිවිසුම්ගත කරන සංවිධානයට පාලනය කළ නොහැකිය. හදිසි අනස්ථා සැලසුම් සමඟ සංවිධාන සූදානම් නොවන්නේ නම් ඇනහිටීම් ලදායිතාවයට බාධා ඇති කළ හැකි අතර ව්‍යාපාර ක්‍රියාවලීන් කඩාකප්පල් කළ හැකිය.

පුද්ගලික වලාකුළක් තැනීම

මෙය තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තු සඳහා දුෂ්කර කාර්යයක් විය හැකිය.

වලාකුළු සංක්‍රමණය 

යෙදුම් සහ වෙනත් දත්ත බොහෝ විට වලාකුළු යටිතල ව්‍යුහයකට ගෙන යාමේ ක්‍රියාවලිය සංකූලතා ඇති කරයි.  සංක්‍රමණ ව්‍යාපෘති නිතරම අපේක්ෂිත කාලයට වඩා වැඩි කාලයක් ගත වන අතර අයවැය ඉක්මවා යයි.

විකුණුම්කරුගේ අගුළු දැමිම

බොහෝ විට, වලාකුළු සපයන්නන් අතර මාරුවීම සැලකිය යුතු ගැටළු ඇති කළ හැකිය. මෙයට තාක්ෂණික නොගැලපීම්, නීතිමය සීමා සහ සැලකිය යුතු පිරිවැයක් දැරීම මෙයට ඇතුළත් ය.

සමාලෝචනය

වලාකුළු පරිගණක යනු අන්තර්ජාලය හරහා විවිධ සේවාවන් සැපයීමයි. මෙහිදි දත්ත ගබඩා කිරිම, සේවාදායකයන්, දත්ත සමුදායන්, ජාලකරණය සහ මෘදුකාංග වැනි මෙවලම් සහ යෙදුම් ඇතුලත්ය. වලාකුළු පොදු සහ පුද්ගලික ලෙස ප්‍රධාන ආකාර දෙකකට දැකගත හැකිය. බෝහෝ අවස්ථාවන් වලදි සුවිශාල සංවිධාන සහ ආයතන සිය දත්තයන් වලාකුළු වල ගබඩා කරනු ලබන අතර මේ සඳහා ආයතන විසින් වලාකුළු සේවාවන් සපයන්නන් වෙත ගෙවිම් කිරිමට සිදුවේ. ස්වභාවික විපත්, විදුලිය ඇන හිටිම් සහ පද්ධතිය බිදවැටුන අවස්ථාවන් වලදි ආයතනයන්ට සිය දත්තයන් ප්‍රවේශ වීමට වලාකුළු මගින් අවස්ථාව හිමිවේ. වර්ථමානයේ ප්‍රසිද්ධ වලාකුළු සේවාවන් සපයන්නන් ලෙස Google, AWS, Microsoft Azure, IBM, Alibaba යන සේවා සම්පාදක ආයතන දැකිවිය හැකිය. මේ අනුව ආයතන දත්ත සුරක්ෂිතව ගබඩාකර තැබිමට ඉඩ සපයන වාණිජකරණය වු තාක්ෂණික සේවාවක් ලෙස වලාකුළු පරිගණක දැක්විය හැකිය.

ආශ්‍රිත මුලාශ්‍ර  

Chai, W., 2020. Tech Traget. [Online]
Available at: https://searchcloudcomputing.techtarget.com/definition/cloud-computing
[Accessed 16 08 2021].

Frankenfield, J., 2020. Investopedia. [Online]
Available at: https://www.investopedia.com/terms/c/cloud-computing.asp
[Accessed 16 08 2021].

Kaluwitharana, S. D., 2020. wikipedia. [Online]
Available at: https://si.m.wikipedia.org/wiki/%E0%B7%80%E0%B6%BD%E0%B7%8F%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%94_%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%BA
[Accessed 16 08 2021].




 

1 comment: