Friday, October 7, 2022

ඓ‍තිහාසික ලේඛන කලාවේ සංධිස්ථානයන් හා වර්ථමාන ප්‍රවනතාවයන්


ලේඛන කලාව යනු සංඥා සහ භාෂාව හා හැගීම් නියොජනය කරන මානව සන්නිවේදන මාධ්‍යයකි. මානව සමාජයේ මුලාරම්භයේ දි විධිමත් අක්ෂර මාලාවකින් යුත් ලේඛන කලාවක් දක්නට නොලැබිනි.නමුත් කල් යත්ම යුග ගණනාවක විකාෂණයකින් අනතුරුව විධිමත් අක්ෂර මාලාවකින් යුත් ලේඛන කලාවක් බිහි විය. එය එක් වරම සිදු වු ක්‍රියාවලියක් නොවන අතර මානව සමාජයේ ක්‍රමික විකාශනයත් සමඟ සිදු වුවකි. මුල් යුගයේ මානවයා තමන් ජිවත් වු වාසස්ථානය නැතහොත් ගල් ගුහා ආදියෙහි තමන් අවට පරිසරයෙහි දකින්නට ලැබෙන දෑ සටහන් කර තැබීමට ක්‍රියා කොට ඇත. ඒවා Pictographs ලෙසින් හැදින්වේ.මෙම රූප වල අවට පරිසරයෙහි දක්නට ලැබුණ හිරු,සදු,තාරකා,සතුන් ආදිය ඇද තිබේ. ඉන්දුනීසියාව අසල සුලාවේස් දිවයිනේ ගුහා තුළින් වසර 35000 පමන පැරණි චිත්‍ර සොයාගැනීමට 2014 වර්ෂයේ දි විද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇත.


39,000 Old Cave Art Sulawesia - Indonisia

ඓ‍තිහාසික ලේඛන කලාව විවිධ ශිෂ්ටාචාරයන් හා ප්‍රදේශයන් මුල් කොට ගනිමින් ඉදිරියට විකාශනය වී ඇත.මෙලෙස විකාශනය වු ලේඛන කලාව විවිධ මාධ්‍යයන් උපයොගි කොට ගෙන ඉදිරියට විකාශනය වී ඇත.

ලේඛන කලාව පිළිබඳ සාකච්ඡා කිරීමේදි ඒ පිළිබඳ තොරතුරු අනාවරනය වන ලොව පැරනිතම ශිෂ්ටාචාරයක් ලෙස සැලකෙන ඉන්ඳු-නිම්න ශිෂ්ටාචාරය පෙන්වා දීමට පුළුවනි.මෙම ශිෂ්ටාචාරයෙහි අතිශය පරිණත කොටසක් වන “හරප්පන්”ශිෂ්ටාචාරයෙන් එම යුගයෙහි පැවතියා යැයි පිළිගැනෙන ලේඛන කලාව සම්බන්දව ඓතිහාසික සාධක හමුව තිබේ.මෙම යුගයෙහි ලේඛන කලාව උදෙසා උපයොගි කොට ගෙන ඇත්තේ මැටි පුවරු(Clay Tablate)ය.මෙම යුගයෙහි විධිමත් අක්ෂර මාලාවක් නොමැති වු හෙයින් මැටි පුවරු මත සටහන් කොට ඇත්තේ රූපාක්ෂරය.ඒවා කූඤ්ඥයක් භාවිතයෙන් මැටි පුවරුමත සටහන් කල නිසා කූඤ්ඥාක්ෂර ලෙස හදුන්වයි.



රූපාක්ෂර ඇදි මැටි පුවරුවක්

Ashurbonipal රජුට තමාගේම ලේඛන එකතුවක් තිබි ඇත.ඒවා Nineven Libary නමැති නාමයෙන් හැදින්වෙන විශාල පුස්තකාලයක් ඉදිකොට තම පෞද්ගලික ලිපි ගොනු සංචිතයක් එහි තැම්පත් කොට තිබු බව අසන්නට ලැබෙ.කල්යත්ම මැටි පුවරු ලේඛන කලාවෙහි විවිධ ගැටලු මතුවන්නට විය.ප්‍රමාණයෙන් විශාල වීම හා එනිසාවෙන් ප්‍රවාහයත් ගබඩාකර තැබිමේ අපහසුතා ඇති විම.කලයත් සමඟ විනාශයට පත් විය.
ලේඛන කලාව උදෙසා චීන ශිෂ්ටාචාරයෙහි සුවිශේෂි ද්‍රව්‍යයන් කිහිපයක් භාවිතා කොට ඇත.Papyrus,උණ බම්ඹු,සිලික් රෙදි,සේද රෙදි යනාදිය භාවිතා කොට ඇත.


උණ බම්ඹු ලේඛනයක්


උණ බම්ඹු මත ලේඛන ගත කිරීමට භාවිතා කළ පැනක්

ඊජිප්තු ශිෂ්ටාචාරයේ දි ලේඛන කලාව උදෙසා Papyrus නමින් හැදින් වු පන් විශේෂයක් භාවිතා කොට තිබේ.මේවායින් තැනු ලේඛන උපයොගි කොටගෙන අණපනත්,පණිවිඩ පත්‍ර,චිත්‍ර,පොත් - පත් ලේඛන ගත කොට තිබේ.The Iliad නමැති ග්‍රන්ථය Papyrus රොල් 24 ක් භාවිතා කොට ලේඛන ගත කරන ලද්දකි.මරණයෙන් මතු ජිවිතය දැක්වෙන Book of the Dead ද Papyrus භාවිතයෙන් රචනා කොට ඇත.

                     
Book of the Dead
The Iliad 

රොමන් ශිෂ්ටාචාරය වන විට Papyrus වලින් බැහැරව ලේඛන කලාව උදෙසා Parchment and Vellum භාවිතා කොට ඇත.මේ සඳහා ගවයින් හා එළුවන් වැනි සතුන් යොදා ගෙන තිබේ.වයසින් මුහුපුරා ගිය සත්වයින්ගෙ සම් වලින් තැනු ලේඛන Parchment ලෙසත් කුඩා සත්වයින්ගෙ සම් වලින් තැනු ලේඛන Vellum ලෙසත් හදුන්වා තිබේ. ලොව පැරණිතම විශ්ව කෝෂය The Naturalist History රචනා කොට ඇත්තේ ද Parchment යොදාගෙනය.


       Parchment 

      

                                                                 Vellum

සත්ව හම් යොදාගෙන නිපද වු පොත් උදෙසා විශාල වශයෙන් සත්වයින් ඝතනය කරන්නට සිදු විය.මන්ද යත් මෙම එක් පොතක් නිපදවීමට සතුන් කීප දෙනෙකුට දිවි පිදීමට සිදු වු නිසාවෙනි.වැඩි මහල් සතුන්ගේ සම් වලට වඩා කුඩා සතුන්ගේ සම් පොත් සම්පාදනය උදෙසා භාවිතා කොටගෙන තිබේ.ඒ කුඩා සතුන්ගේ සම් වල තිබු සුමට භාවය නිසාවෙනි.මෙලෙස සම් වලින් තැනු පොත් අතිශය වටිනා ඒවා විය.ඒ හෙතුවෙන් පසු කාලිනව මෙම පොත්වල ආරක්ෂාව උදෙසා අගුළු දමන ලදි(Chaine Book).


       හීරෝෆෝඩ් හි බැදුණු පුස්තකාලය    
  
                                                             
                                                                                       Zutphen,පුස්තකාලය 16 වන සියවස

ඓ‍තිහාසික ලේඛන කලාවේ ලේඛන මාධ්‍යයන් පිළිබඳ විමසීමේ දි අප රටද පසකටලා ලිය නොහැකිය.අතීත ශ්‍රි ලංකාව තුල ලේඛන කටයුතු උදෙසා විවිධ මාධ්‍යයන් භාවිතා කොට ඇති බව ‍ඓතිහාසික මුලාශ්‍ර සාක්ෂි දරයි.

·      පාෂාණ භාවිතය
·      පුස්කොලපත් භාවිතය
·      තඹ,රන් ආදි තහඩු භාවිතය

පුවරු ලිපි,ටැම් ලිපි,ලෙන් ලිපි යනාදි ලෙසින් ගල් මත සාහන් කල ලිපි වර්ග කෙරේ.පුරාන ශිලා ලිපි බොහොමයක්ම බ්‍රාක්මීය අක්ෂරයන්ගේන් යුත්ය ඒවාය.තොනිඟල සෙන් ලිපිය,දඹු‍ළු ටැම්ලිපිය ඓ‍තිහාසික ශිලා ලිපි වලට උදාහරන වශයෙන් පෙන්වා දීමට පුළුවනි.
තල් ශාකයෙහි ගොබය නැතහොත් ලපටි පත්‍ර සහිත කොටස කපා ගෙනවිත් සුද්ද කොට පදම් කොට ලේඛන කටයුතු උදෙසා යොදා ගනී.ඒවා පුස්කොළපත් ලෙස හැදින්වේ.ලංකීය ඉතිහාසයෙහි අතිශය ජනප්‍රිය ලේඛන මාධ්‍යයක් ලෙස පුස්කොළ පත් පෙන්වා දීමට පු‍ළුවනි.පුස්කොළපත් ලේඛන ගත කරන ලද්දේ පන්හිදේනි.සංන්දේශ යැවිමට,ග්‍රන්ථ කරණයට,ජන්ම පත්‍ර ආදිය උදෙසා මෙම ලේඛන මාධ්‍යය භාවිතා කොට තිබේ.වලගම්බා රජ දවස සිදුකල ධර්ම සංගායනාවෙන් අනතුරුව සංගායනා කල ධර්මය ග්‍රන්ථාරූඪ කර ඇත්තේ පුස්කොළපත් වලය.ග්‍රන්ථාරූඪ කිරිමෙන් අනතුරුව එකතු වු පුස්කොළපත් ප්‍රමාණයෙන් කොතරම් විශාලද යත් එවා වැඩුණු හස්තින් නවදෙනෙකුගේ උසට උපමා කොට ඇත.


පුස්කොළ පතක සටහන් කල ජන්ම පත්‍රයක්

අතිත ලාංකිකයා තම ලේඛන කටයුතු උදෙසා වානේ පත්‍ර ද යොදාගෙන ඇති බව ‍ඓතිහාසික මුලාශ්‍ර සාක්ෂි දරයි.පනාකඩුව තඹ සන්නස,දේවානම් ප්‍රිය තිස්ස රජු විසින් තම මුණුපුරෙකු වන ගාමිණි අභය ගැන රන්පතක ලියු අනාගත වාක්ඛ්‍යයක් ගැන අසන්නට ලැබේ.

         
         Johannes Gutenberg        


Gutenberg Bible

Johannes Gutenberg විසින් මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනිමත් සමඟ ලේඛන කලාවේ නව යුගයක් ආරම්භ විය.මෙමගින් මුලින්ම මුද්‍රනය කොට ඇත්තේ බයිබපය යි.එය Gutenberg Bible ලෙසින් නමින් හැදින් වු අතර එය පෙලි 42 කින් යුත්ත විය.චිනයෙ Ts`ai Lun නමැති වංශාධීපතිවරයා විසින් කඩදාසි ලොකයට හදුන්වා දීමත් සමඟ ලේඛන කපාවෙහි නව හැරවුම් ලක්ෂයක් ඇති කලේය.මිට අමතරව විශාල වශයෙන් පොත - පත රචනා වන්නට වු අතර මිනිසුන්ගේ දැනුම් පිපාසය සංසිදුවලමින් බුද්ධිමතුන් පිරිසක් බිහි කිරිමට එය පිටු වහලක් විය.දිනෙන් දින එකතුවෙන පෙත් - පත් හෙතුවෙන් විශාල වශයෙන් පුස්තකාල ව්‍යාප්ත වන්නට විය.වර්තමානයෙහි අතිශය බහුල ලෙස කඩදාසි ලේඛන මාධ්‍යය ලෙස භාවිතා කරයි.


                 Ts`ai Lun

වර්ථමානය වන විට එනම් 21 වෙනි ශත වර්ෂය වන විට ලේඛන කලාව අතිශය දියුණු තන්වයකිට පැමින ඇත.අතිතයෙහි පැවති මැටිපුවරු,Parchment,Papyrus වෙනුවට විවිධ වර්යෙ කඩදාසි වර්ග ද කුඤ්ඥය,ගල්කූර,පන්හිද,කුරු‍ළු පිහාටු වෙනුවට විවිධ වර්ගයෙ පැන් පැන්සල් භාවිතයට හුරුව ඇත.මකන,මකන දියර,විවිධ වර්නයෙ තින්ත ද භාවිතය වර්තමානයෙහි සුලභ දසුනකි.
අපට අවශ්‍ය විට අවශ්‍ය තොරතුරු අවශ්‍ය ප්‍රමාන වලින් ලබා ගැනීමට ඇති හැකියාව හා ඉඩකඩ තොරතුරු සාක්ෂරතාවය වේ.වර්තමාන තොරතුරු ක්ෂෙත්‍රයේ අපට අවශ්‍යය තොරතුරු ලබා ගැනීමට විවිධ මාධ්‍යයන් උපකාරි කර ගැනීමට හැකිය.

·      පොත් - පත්,
·      පුවත්පත් - සඟරා,
·      අන්තර්ජාලය යනාදිය මාධ්‍යයන් කීපයකි.

පොතක හො සඟරාවක තිබෙන තොරතුරක් ක්ෂණයෙන් පිටපත් කර ගැනීම උදෙසා පිටපත් යන්ත්‍ර,Scan යන්ත්‍ර භාවිතය වර්ථමානයෙහි විරල කරුණකි.එසෙම අන්තර්ජාලයෙන් ලබාගන්නට අවැසි තොරතුරු Printer යන්ත්‍රයක් මඟින් පිටපත් කර ගැනිමට වර්ථමානයෙහි පහසුකම් ඇත.පොත - පතින් ලබාගන්නා තොරතුරු ඇතැම් විට යල් පැන ගිය ඒවා විය හැකිය.දිනෙන් දින අලුත්වෙන,වෙනස්වෙන තොරතුරු ඉතා යික්මනින් අන්තර්ජාලය හරහා අපට ලබාගත හැකිය.මේ සඳහා ලොව ප්‍රධාන පෙලේ සෙවුම් යන්ත්‍රයක් වන Google Search භාවිතයට ගත හැකිය.

හුදෙක්ම වර්ථමාන ප්‍රවනතාවන්ට අනුව ලේඛන කටයුතු උදෙසා බොහො විට කඩදාසි අත්‍යවශ්‍යව සාධකයක් නොවේ.මන්ද ඒ වෙනුවට වෙන්ත් විද්‍යුත් මෙවලම් භාවිතා වන නිසාවෙනි.වර්ථමානය වන විට පොත - පත පවා විද්‍යුත් තැටිවල දත්ත ස්වරුපයෙන් ගබඩා කර ගැනීමට මිනිසුන් හුරුව ඇත.PDF File,PPT,Document,Microfilms යනාදි ක්‍රම උපයොගි කොට ගනිමින් ලේඛන කලාව නවීකරනය ගෙන තිබේ.මෙයට හේතුව වී ඇත්තේ අති විශාල තොරතුරු ප්‍රමානයක් කුඩා ඉඩ කඩක ගබඩාකරලීමට හැකිවීමයි.එමෙන්ම ඒවා අනා ගතය වෙනුවෙන් සුරක්ෂා කරපිමට හැකි වීමයි.

                                                                             
පාදක සටහන

පොත පත හසර - මහාචාර්ය එම්.කේ.විරසංහ
1 පරිච්ජේදය - ආරම්භයේ සිට මධ්‍යතන යුගය දක්වා
2,3 පිට

anthropology.net
39,000-year-old cave art from sulawesi_indonesia
www.anthropology.net/2014/10/08/39000-year-old-cave-art-from-sulawesi-indonesia/
posted by kambiz kamrani

paperdiscoverycenter.org
cai lun(50 - 121)
www.paperdiscoverycenter.org/inductees/cai - lun

www.medivalbook.nl/2015/07/10/chain-chest-curse-combating-book-theft-in-medieval-time/
_the chained library of Hereford cathedral
_zutphen,"librije"chained libary(16th century)







No comments:

Post a Comment